
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ආර්ථික අර්බුදය සහ රටක් ලෙස මේ වනවිට මුහුණ දී සිටින ආර්ථිකමය අභියෝග සහ ඒවාට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියෙන් ඔහු කලාපීය රටවල උද්ධමනය සහ උද්ධමන ඉලක්ක සහ පාලනය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.
එම ලිපියට අනුව, ඉන්දියාව 4% ක උද්ධමන ඉලක්කයක් පවත්වාගෙන යන අතර එහි විචල්‍යතා සීමාව ධන හෝ සෘණ 2% කි.
ඉන්දුනීසියාව ද එවැනිම විචල්‍යතා සීමාවක් සහිතව 2.5% ක උද්ධමනයක් ඉලක්ක කරන අතර තායිලන්තය 1%-3% ක ඉලක්කගත පරාසයක් පවත්වාගෙන යන බව මන්ත්‍රීවරයා ලිපියේ දක්වා ඇත.
මැලේසියාව ඓතිහාසිකව උද්ධමනය 2%-3% ත් අතර මට්ටමක පවත්වාගෙන ගොස් ඇති අතර, වියට්නාමය සාමාන්‍යයෙන් උද්ධමනය 4%-4.5% කට වඩා අඩුවෙන් තබා ගැනීමට උත්සාහ කරයි. මේ අතර චීනයේ උද්ධමන අනුපාතය සෘණ 0.4% ක් ලෙස සටහන් වී ඇති බව ද එහි දක්වා ඇත.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ මහ බැංකුවල උද්ධමන අරමුණු ද රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
ඒ අනුව යුරෝපා මහ බැංකුව, කැනඩා මහ බැංකුව, එංගලන්ත මහ බැංකුව සහ ඇමරිකානු ෆෙඩරල් සංචිතය යන සියල්ලම 2% ක මට්ටමක උද්ධමන ඉලක්කයක් පවත්වාගෙන යන අතර, ස්විට්සර්ලන්ත ජාතික බැංකුව උත්සාහ කරන්නේ උද්ධමනය 2% කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට බව ඔහු පැහැදිලි කරයි.
“මෙම සෑම ප්‍රතිපත්ති රාමුවක් පිටුපසම ඇති පොදු මූලධර්මය පැහැදිලියි. එනම්, දිගුකාලීන ආර්ථික සමෘද්ධිය සඳහා උපරිම දායකත්වයක් ලැබෙන්නේ අඩු, ස්ථාවර සහ කලින් පුරෝකථනය කළ හැකි උද්ධමන මට්ටමක් පැවතීමෙනුයි. ඒ සමඟම ශක්තිමත් මුදල් ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වයක් සහ දේශීය මුදල් ඒකකය කෙරෙහි විශ්වාසයක් පැවතීම ද ඊට අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart