April 18, 2026

දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සිදු කළ යුතු වන්නේ ජනතාවට පොරොන්දු ලබා දී බලයට පැමිණි පසු ඔවුන් රවටා දැමීම නොව, ලබා දුන් පොරොන්දු ඉටු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කන්දක එක් පැත්තක් සරුසාර බව ජනතාවට පෙන්වා දී ජනවරම ලබාගැනීමෙන් අනතුරුව එය කාන්තාරයක් බව පෙන්වා දීම කිසිසේත් සුදුසු නොවන බවයි.

බලයේ සිටින විය මතුවිය හැකි අර්බුද සහ අභියෝග පිළිබඳ හොඳින් දන්නා බැවින් විපක්ෂය ලෙස වර්තමානයේදී රජයට එරෙහිව බෝඩ් අල්ලා මහමග නොයන බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ විපක්ෂයක් ලෙස පෙළපාලි නොයන බැවින් මේ මොහොතේ රට තුළ එවැනි ප්‍රශ්න ඇති නොවන බවයි.