January 8, 2026

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී පක්ෂ දෙකක් නිර්මාණය වීම පහසුවෙන් සිදුවුව ද එම පක්ෂ දෙක එකට එක් කිරීම සඳහා බාධා මතුවන්නේ ඇයි ද යන්න බරපතල ගැටලුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු වන්නේ සිත් රිදවීම්වලින් තොරව බවයි.

කෙසේවෙතත් ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත අවසන් තීරණයක් සඳහා එළඹීමට දෙපාර්ශවය අපොහොසත් වුවහොත් ඍජු ක්‍රියාමාර්ගයක් සඳහා යොමුවීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පාක්ෂිකයින් වෙනුවෙන් එවැනි කඩිනම් ක්‍රියාවලියකට යොමුවීම අත්‍යවශ්‍ය බවයි.