April 20, 2026

විපක්ෂයේ සිටියදී සිදුකරන ප්‍රකාශ බලයට පැමිණි පසු ප්‍රායෝගිකව සිදු කිරීම පහසු නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් රජය ද දැන් මුහුණ පා සිටින්නේ එවැනි තත්වයකට බවයි.

නමුත් බලයේ සිටියදී ආණ්ඩු පක්ෂයකට සිදු කළ හැකි බොහෝ දේ ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂයේ සිටිය ද තමන් ඇතුළු විපක්ෂ කණ්ඩායම් අවස්ථා කිහිපයකදි එවැනි තත්වයන් පෙන්වා දී ඇති බවයි.

රටට වැඩ කිරීමට නම් ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස පවතින්නේ වැඩ කළ හැකි තියුණු මුදල් අමාත්‍යංශයක් බව ද ඔහු පැවසුවේය.

එවැනි අමාත්‍යංශයකට දක්ෂ නිලධාරීන් පත් කිරීම මිස චක්‍රලේඛ මත පදනම්ව පමණක් කටයුතු කිරීමට උත්සහ කළ හොත් පිළිතුරු හිමිවන්නේ ද ඒ හා සමාන ආකාරයකින් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.