September 3, 2025

ගෝලීයව සිදු කරන ගනුදෙනුවලදී අමෙරිකාවට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මොනයම් ගැටලු තිබුණද චීනය පවා වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් අමෙරිකාවත් සමග සාකච්ඡා කරන බවයි.

අපනයනය හරහා අමෙරිකානු වෙළඳපලට ප්‍රවේශ වීම වැදගත් බව ද මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.

ඔහු පැවසුවේ එවැනි ආර්ථීකයක් වෙන කිසිඳු රටක නොමැති බවයි.

එබැවින් අමෙරිකාව නොමැතිව අපනයනය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බව ද ඔහු පැවසුවේය.