October 4, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වූයේ වත්මන් ආණ්ඩුව බැවින් ගිවිසුම් ගතවීමේදී එකඟ වූ කොන්දේසි මත කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

තෙල් මිල සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එවැනි තත්වයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ ගිවිසුම් ගතව ඇති පරිදි කටයුතු කිරීම හැර ලෝක වෙළඳපළේ උද්ගත වී ඇති අර්බුධය ඇතැම් තීරණ සඳහා හේතු ලෙස ඉදිරිපත් කළ නොහැකි බවයි.

එමෙන්ම ඉන්ධන සහනාධාරය පිළිබඳව ද මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.

ඔහු පැවසුවේ එම සහනාධාරය හිමිවන්නේ සුදුසු කාණ්ඩවලට ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවයි.

එසේ නොමැතිව සහනාධාරය හිමිවිය යුතු වන්නේ කුමන පාර්ශවය සඳහා ද යන්න ඉලක්ක කරමින් කටයුතු කරන්නේ නම් අපේක්ෂිත ප්‍රතිපලය ලබා ගත හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.