
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සහ එහි අනාගතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
එහිදී ඔහු ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ ප්‍රතිඵල, එවැනි විකල්ප උපායමාර්ගයක් මඟින් අනාගතයේදී ඉටුකර ගන්නේ කෙසේද යන්නයි.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ IMF වැඩසටහනේ මුළු පිරිවැය (කල් පිරෙන විට ගෙවිය යුතු ප්‍රාග්ධනය සහ පොලී ගෙවීම් ඇතුළුව) පිළිබඳ විස්තර ද මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම 2028 සිට 2048 දක්වා වාර්ෂික විදේශ ණය සේවාකරණ වගකීම්, එනම් මූලික මුදල සහ පොලී ගෙවීම් මෙන්ම රටේ බාහිර ණය පියවීම සඳහා වාර්ෂිකව අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය පිළිබඳ විස්තර ද සභාගත කරන ලෙස ද මන්ත්‍රීවරයා එහිදී ඉල්ලීමක් කලේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ තක්සේරුවක් මඟින් අදාළ වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගෙන ඇති බව තීරණය කර තිබේද යන්න ප්‍රශ්න කළ ඔහු, එම අරමුණුවල විස්තර සහ ඒවා කොපමණ දුරකට ඉටු කරගෙන තිබේද යන්න පිළිබඳ විස්තර ද ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart