July 28, 2026

මහබැංකුව විසින් උද්ධමනය පාලනය කර ඇති බව ප්‍රකාශ කළද, දිනෙන් දින ජීවන වියදම ඉහළ යමින් පවතින බවත්, එහි කිසිදු සහනයක් ජනතාවට නොදැනෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටක වර්ධන වේගය ඇති කිරීමට නම් රටක් සංවර්ධනය විය යුතුයි.

එහිදී වර්ධනවේගය ඇති කරන්නේ ආණ්ඩුව ද මහ බැංකුව ද යන ගැටලුව පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

”මහ බැංකුව යනු ස්වාධීන ආයතනයක් ඒ නිසා වර්ධන වේගය ඇති කරන්න ඒකට මූල්‍ය පද්ධතියක් ඇති කරන්න ඕනේ. මූල්‍ය අංශය සම්පූර්ණයෙන්ම භාර වෙන්නේ මහ බැංකුවට. ඉතිං ඒ සම්බන්ධයෙන් වර්ධන වේගය සම්බන්ධයෙන් කතාකරද්දී මම අහන්නේ මේක මහ බැංකුවේ කාර්යයභාරයක්ද? මහ බැංකුව සතු කාර්යයභාරයක්ද? ආණ්ඩුව සතු නම් ඒකෙ වර්ධන වේගය කොහොමද කියලා අපව දැනුවත් කරන්න අවශ්‍යයි. මේක මහ බැංකුව සතු නම් එහෙනම් මේකට තුඩු දෙන කරුණු ඕනේ. ඒගොල්ලෝ කියන්නේ මහ බැංකුව ස්වාධීනත්වය ලබා ගැනීමෙන් පසුව එයාලා කියන්නේ ”අපිට තියෙන්නේ උද්ධමනය පාලනය කිරීම සහ මූල්‍ය පද්ධතිය ඇති කිරීම” කියලා. අද ජනතාව දන්නවා මේ දෙකම මහ බැංකුව කරලා නැහැ කියලා. එහෙම නම් අපි අහනවා වර්ධන වේගය ඇති කරන්නේ කොහොමද කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.