April 13, 2026

ඉරාන යුද්ධය සමග මැදපෙරදිග කලාපය තුළ උත්සන්න වූ ආතතීන් හමුවේ රටක් ලෙස මුහුණදීමට සිදුව ඇති අභියෝග වැනි තත්වයන් සඳහා මීට පෙර පැවැති රජයන් ද මුහුණ දී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

තමන් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මැදපෙරදිග රටවල් දෝහා රට හුදෙකලා කිරීමේදී ශ්‍රී ලංකා රජය කටයුතු කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් මන්ත්‍ර්‍රීවරයා එහිදී සිහිපත් කළේය.

”මට මතකයි මම විදේශ ඇමතිවෙලා ඉන්නකොට දෝහා රට මැදපෙරදිග රටවල් විසින් ඈත් කළා. ඒ ඈත් කරන වෙලාවේ ස්ට්‍රේට් ඔෆ් හෝමූස්වල ඒ වගේම ප්‍රශ්නයක් ඇති වෙන්න පටන් ගත්තා.”

”තෙල් මිල ඉහළ ගියා. හැබැයි අපිට පුලුවන් වුණා මං පළවෙනි විදේශ ඇමති විදිහට කටාර් රාජ්‍යයට ගිය ඒ අවස්ථාවේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත් එතකොට කිව්වා අපි මේ වගේ ගිහිල්ලා පෙන්නන්න පුලුවන් නම් මේ ගොල්ලන්ගේ ප්‍රශ්නය තුළ අපි ඉන්නවා කියලා එතකොට මිත්‍රශීලිභාවයක් ඇති වෙනවා.”

”ජේ ආර් ජයවර්ධන 1952 දී ජපානයට කිව්වහම ‘වෛරය වෛරයෙන් නොසංසිඳේ’ කියලා ඒ ප්‍රකාශය අද දක්වාම තියෙනවා නේ? අන්න ඒ වගේ දේවල් තමයි අපි කරන්න අවශ්‍ය වෙන්නේ.”

ceylonwire.lk වෙබ් අඩවිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මොහොතේ අමාත්‍ය විජිත හේරත් මැදපෙරදිග සිටිය යුතු බවයි.