
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමූස් සමුද්‍ර සන්ධියේ සහ රතු මුහුදේ මතුව ඇති අර්බුධකාරී තත්වය හමුවේ ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ යාම හුදෙක් එක් රටකට හෝ දෙකකට පමණක් නොව ලොව සියලු රටවලට දැඩි බලපැම් එල්ල කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලෝකයේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද රටවල දළ දේශීය නිෂ්පාදනයට මෙන්ම ණය බරට ද විවිධ ආකාරයෙන් බලපා ඇති බවයි.
වත්මන් තත්වය දැඩි අර්බුදකාරී තත්වයක් ලෙස ජාත්‍යන්තර සියලුම ආයතන දකින අවස්ථාවකදී මේ සඳහා විසඳුම් සොයා ගන්නේ කෙසේද යන්න අප රට හමුවේ ද පවතින බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හත්වන වාරිකය අපේක්ෂාවෙන් පසුවන අවස්ථාවක රටේ ආදායම්, වියදම් සහ පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන් සහ 2027 වසරේ අප්‍රේල් මාසයෙන් අනතුරුව ආර්ථිකය ඉදිරියට ගෙන යාම පිළිබඳව රජය සිතා බැලිය යුතු බවයි.
ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට වැඩසටහන අවසන් වීමෙන් අනතුරුව රටක් ලෙස ඉදිරි අභියෝග හමුවේ මුහුණ දීමේ වගකීම ද රට ඉදිරියේ පවතින බව මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart