February 14, 2026

නියමිත සැලසුමකින් තොරව වාහන ආනයනය කළ හොත් රුපියල දෙදරා යනු ඇති බවට විපක්ෂයේ සිට සිදු කළ ප්‍රකාශ මේ වනවිට සත්‍ය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රුපියලේ අගය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්නේ නම් සහ තීරණවලට එළඹෙන්නේ නම් රටට කිසිඳු හානියක් සිදු නොවනු ඇති බවයි.

ඒ පිළිබඳ සැලසුමකින් තොරව ගන්නා තීරණවල ප්‍රතිපලයක් ලෙස අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 350 ක පමණ අගයකට පැමිණියහොත් එහි ප්‍රතිවිපාකය එල්ල වන්නේ රටේ ණය තොගයට බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ දුරදිග නොබලා සිදු කළ වාහන ආනයනය හමුවේ වර්තමානයේදී සිදුව ඇත්තේ එවැන්නක් බවයි.