February 23, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් ණය ලබා නොදෙන්නේ ඇයි ද යන්න පිළිබඳ බරපතල ගැටලුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මහ බැංකුවට තරුණයින්ට ණය ලබාදීම සඳහා උනන්දුවක් පවතින්නේ ද යන්න පිළිබඳව ද ගැටලුවක් පවතින බවයි.

රටේ මූල්‍ය තත්වය 25%ක වර්ධනයක් පවතින බව පැවසුව ද එය යොමුව ඇත්තේ උකස්, ණය පත් සහ කල්බදු සඳහා බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙම තත්වය වෙනස් කළ යුතු බව තමන් අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ආණ්ඩු පක්ෂයෙන් විමසීම් කර තිබුණ ද ඒ සඳහා පිළිතුරු ලබා නොදෙන්නේ මහ බැංකුවේ පවතින මෙවැනි ගැටලු සහගත ක්‍රියාකලාප හේතුවෙන් බවයි.