
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්අඟුරු අර්බුදය තනි සැපයුම්කරුවෙකුට පමණක් සීමා වී නොමැති අතර, Taranjot Resources Pvt Ltd නම් සමාගමෙන් ලබාගත් හදිසි ගල්අඟුරු නැව් තොග 5ක් මගින් ද විශාල පාඩුවක් සිදු වී ඇත. එමගින් සිදු වූ අලාභය රුපියල් බිලියන 2 ඉක්මවන බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එකී සමාගමේ පස්වන නැව් තොගය පටවන වරායේදීම සිදු කළ ප්‍රමිත පරීක්ෂණවලින් අසමත් වීම නිසා ප්‍රතික්ෂේප කිරීමට හැකි වී ඇත. එමගින් තවත් විශාල හානියක් වළක්වා ගැනීමට හැකි විය.
මෙලෙස එකකට පසු එකක් ලෙස බාල ගල්අඟුරු නැව් තොග මෙරටට පැමිණීම මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බරපතල දුර්වලතා පෙන්නුම් කරන බවත්, හදිසි මිලදී ගැනීම් නාමයෙන් සිදු කර ඇති මෙම ගනුදෙනු පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
Taranjot Resources සමාගම සමග සිදු කළ ගනුදෙනුවලදී ද සිදුවූ මූල්‍යමය හානිය සම්බන්ධයෙන් පැහැදිලි සහ නිවැරදි ගිණුම්කරණයක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇත.
ඒ අනුව මෙම අතිරේක බිලියන 2ක පාඩුව ද ඇතුළුව සමස්ත ගල්අඟුරු වංචාව පිළිබඳව පුළුල් ලෙස පරීක්ෂණ පවත්වා සත්‍ය තොරතුරු හෙළි කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart