November 11, 2026

ලංකා ගල්අඟුරු සමාගමේ සිදුවූ බව කියන මහා පරිමාණ ප්‍රසම්පාදන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් මැද භාගය දක්වා දීර්ඝ කර ඇති අතර මූලික කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමේදී නීතිපතිවරයාගේ අනිවාර්ය අනුමැතිය ලබා නොගැනීම ඇතුළු ප්‍රබල චෝදනා රැසක් සම්බන්ධයෙන් කොමිසම පරීක්ෂණ පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එමෙන්ම, පරීක්ෂණ සඳහා භාවිත කළ රසායනාගාරයේ බලපත්‍රය අහෝසි වී තිබීම පිළිබඳව ද අවධානය යොමුව ඇති අතර මෙම නීතිමය හා ප්‍රමිතීන් පිළිබඳ ගැටලු හේතුවෙන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියම නීතිවිරෝධී එකක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

මාන්ත්‍රීවරයා පැවසුවේ කොමිසමේ කාලය දීර්ඝ කිරීම මගින් වඩාත් පුළුල් විමර්ශනයකට මග පෑදී ඇති බවයි.

අදාළ නීති විරෝධී පියවරයන්ට අනුමැතිය දුන් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් හඳුනා ගැනීම මෙම පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ බවත් ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට සහ මහජනතාවට එළිදැක්විය යුතු බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා අවධාරණය කරයි.