
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වී වගාව සහ එහි නිරත ගොවීන් වර්තමානයේ මුහුණ පා තිබෙන අභියෝග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දේශීය වී නිෂ්පාදනය ප්‍රමාණවත් මට්ටමක පැවතියද සහල් ආනයනය කිරීම, වී වගාවේ නිෂ්පාදන පිරිවැය සීඝ්රයෙන් ඉහළ යාම, ගොවි ජනතාවට ලැබෙන ගොවිපල මට්ටමේ වී මිල පහළ යාම, කෘෂිකාර්මික සහන හා ආධාර ප්‍රමාද වීම හේතුවෙන් රට පුරා ගොවීන් විසින් විරෝධතා පවත්වන අතර වී වගාවේ අනාගතය, ගොවි ආදායම හා ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බරපතල ගැටලු මතුව ඇති බවයි.
ඒ අනුව 2019 සිට 2025 දක්වා එක් එක් වර්ෂයේ සහ 2026 වර්ෂයේ මේ දක්වා කාලය තුළ වී වගා කරන ලද මුළු භූමි ප්‍රමාණය සහ එම වර්ෂවලදී වාර්තා වූ සමස්ථ වී නිෂ්පාදනය කොපමණ දැයි මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.
එමෙන්ම එම වර්ෂවල කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය පිරිවැය සහ ප්‍රධාන පිරිවැය සංරචක මොනවාද යන්න මෙන්ම වර්තමානයේ වී ගොවීන්ට ලැබෙන වී මිල බොහෝ අවස්ථාවල නිෂ්පාදන පිරිවැයට වඩා අඩු හෝ සුළු වශයෙන් ඉහළ මට්ටමක පවතින බැවින් ගොවීන්ට බරපතළ මූල්යපාඩු සිදු වන්නේ ද යන්න පිළිබඳව ද මන්ත්‍රීවරයා එහිදී විමසුවේය.
කෙසේවෙතත් එම අවස්ථාවේදී විෂයභාර අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත සභාවේ රැඳී සිටියදීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා කල් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart