
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් රජය අද සිදු කර ඇති එක් ප්‍රධාන වරදක් නම් වත්මන් තත්ත්වය 2022 වසර සමඟ සංසන්දනය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2027 අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ බංකොලොත් වූ රටක් භාරගෙන එය යළි ගොඩනැගීමට සමත් වූ අතර 2024 සැප්තැම්බර් 24 වන විට රට සාපේක්ෂව ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඔහුට හැකි වූ බවය.
2022 සැප්තැම්බර් මාසයේදී ඔහු රට භාර ගන්නා විට අතේ ඩොලර් නොමැතිව පෝලිම් සහ ප්‍රශ්න රැසක් තිබුණද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ 2024 සැප්තැම්බර් මාසයේදී අනුර කුමාර දිසානායකට රට භාර දෙන විට ආර්ථික වර්ධනය 5.4%ක් ලෙසත්, විදේශ සංචිත ඩොලර් බිලියන 6.1ක් ලෙසත්, ඇමරිකානු ඩොලරය රුපියල් 293ක් ලෙසත් පවත්වා ගැනීමට සමත් වූ බව ද ඔහු ආවර්ජනය කළේය,
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ එවක උද්ධමනයක් නොව 2.1%ක අවධමනයක් පැවති අතර ගෙවුම් ශේෂය ධනාත්මක වී පෝලිම් අවසන් වී තිබුණු බවයි.
එවැනි ජයග්‍රහණයක් ලබා තිබියදී කුමක් සිදු වූයේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි නමුත් ශක්තිමත් ආර්ථිකයක් භාර දීමට ඔහු උත්සාහ කළ ද ජනතාවට අධික පීඩනයක් එල්ල වූ බව සිතූ නිසා ඔහුට ඉවත්වීමට සිදුවූ බව ද මන්ත්‍රීවරා පැවසුවේය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් මැයි වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ රෝගියෙකු මෙන් සිටි රට 2024 මැයි මැද වන විට සාමාන්‍ය වාට්ටුවකට ගෙන ඒමට ඔහු සමත් වුවද, ඉන් අදහස් වන්නේ රෝගියා රෝහලෙන් පිටව ගිය බව නොව තවමත් රෝහලේ සිට බිල්පත් ගෙවිය යුතු බවයි.
2025 මැයි 01 වන දින ජනාධිපතිවරයා වෘත්තීය සමිති වෙත කළ ඉල්ලීම පිළිබඳව ද සිහිපත් කළ මන්ත්‍රීවරයා පැරණි ආකල්ප ඉවත දමන ලෙසත්, පැරණි ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඳ ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ ණය තිරසාරභාවය සඳහා අපනයන සහ ආයෝජන සමඟ ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය වන නිසා බව ද පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart