
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරු ගිවිසුම් කාලය සම්පූර්ණ නොකර උපාධිය ලබා ගත් වසරක් ඇතුළත ශ්‍රී ලංකාව හැර ගොස් ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණ දැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ඔහු මෙම ප්රශ්නය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත යොමු කර තිබිණි.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ එලෙස රට හැර ගිය උපාධිධාරීන් රටට සේවයක් නොකර පිටව යාම හමුවේ ඔවුන් සඳහා ජනතාවගේ මුදල්වලින් ගෙවූ අධ්‍යාපන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් කොපමණ ප්‍රතිශතයකට සමාන වේද යන්නයි.
එමෙන්ම බදු මුදල් සහ මහපොළ අරමුදල් ලබා දෙන සියලු උපාධිධාරීන්ට විදේශ අවස්ථා සෙවීමට පෙර අවම කාලයක් හෝ රටට සේවය කිරීම ජාතික සහ නෛතික වගකීමක් නොවේද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart