
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්අඟුරු වංචාව නිසා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සිදු වූ සැබෑ මූල්‍ය හා මෙහෙයුම් අලාභය නිවැරදිව තක්සේරු කිරීම විශාල අභියෝගයක් වී ඇති බවත් ප්‍රකාශිත රුපියල් බිලියන 18.36ක අලාභයට අමතරව තවත් වක්‍ර හානි රැසක් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ලක්විජය බලාගාරයේ යන්ත්රසූත්ර ගෙවී යාම, හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා දැරූ පිරිවැය සහ ජාතික පද්ධතියේ බිඳවැටීම් මගින් වූ හානිය මීට ඇතුළත් විය යුතු බවයි.
මෙම සියලු කරුණු එකතු කළ විට සමස්ත අලාභය මීට වඩා වැඩි විය හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
නීත්‍යානුකූලව අයකර ගත හැකි මුදල සහ දැනටමත් දරා ඇති පිරිවැය අතර පැහැදිලි වෙනසක් හඳුනාගත යුතු බවත්, එම තොරතුරු නොමැතිව අලාභය පියවුණු බව කීම මුලාවක් පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ ස්වාධීන ගණකාධිකාරීවරුන් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් සැබෑ අලාභය තක්සේරු කළ යුතු බවට යෝජනා වී ඇති බවයි.
සැබෑ අලාභය කොපමණදැයි තහවුරු කරගැනීමෙන් තොරව, වන්දි අයකර ගැනීම හෝ නීතිමය පියවර ගැනීම සාර්ථක නොවනු ඇති බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart