February 3, 2026

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ මරණ, නිවාස අහිමිවීම් සහ අලාභ හානිවලට මුහුණ පෑ ජනතාව වෙනුවෙන් සිදු කළ වන්දි ගෙවීම් හා ප්‍රතිස්ථාපන කටයුතු සම්බන්ධයෙන් රජයේ හදිසි ප්‍රකාශයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ස්ථාවර නියෝග 27(2) යටතේ විමසීමක් සිදු කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ ඉකුත් දෙසැම්බර් 31 වන දිනට පෙර අදාළ වන්දි ගෙවීම් සිදු කර අවසන් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබියදීත් බලපෑමට ලක්වූ ජනතාව ගෙවීම් සඳහා පවතින ප්‍රමාදය, වන්දි මුදල් නොගෙවිම, අගරු වූ චෙක්පත් සහ මෙතෙක් විසඳා නොමැති රක්ෂණ හිමිකම් පිළිබඳ චෝදනා කරමින් සිටින බවයි.

ජනමාධ්‍ය වාර්තා අනුව තවත් දස දහස් ගණනක් සිය නිවාස වෙත ආපසු යාමට නොහැකිව සිටින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු කියා සිටියේ ආපදා තත්වයයෙන් විපතට පත් ජනතාව මුහුණ පා ඇති මෙම තත්වය රජය දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු බවයි