March 31, 2026

වර්තමානයේදී මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු සහගත තත්වයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රට කොතරම් ගැටලුකාරී තත්වයන් සඳහා මුහුණ පා තිබුණ ද මහ බැංකුව ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය වන්නේ කිසිඳු ගැටලුවක් නොමැති බව පැවසීම බවයි.

නමුත් ස්වාධීන මහ බැංකුවක කාර්යය විය යුතු වන්නේ ඔවුන්ගේ පාර්ශවයේ කාර්යයන් සඳහා වගකීම මිස ආණ්ඩුවේ කටයුතු සඳහා මැදිහත් වීම නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු කියා සිටියේ වර්තමානයේදී මහ බැංකුව සිදු කරන්නේ එම ආයතනයට හිමිව තිබෙන ස්වාධීනත්වය පසෙක තබා දේශපාලනමය වශයෙන් අදහස් දැක්වීම බවයි.