
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමට පෙර මැලේසියාවේදී එරට පොලිසියට කොටුවූ අවස්ථාවේ ඔවුන් බේරාගෙන ඇත්තේ රත්මලානේ සයිමා සහ කන්ජිපානි ඉම්රාන් විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත.
මැලේසියා පොලිසියෙන් බේරී යෑමෙන් පසු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවට පළාගොස් තිබිණි. සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පද්මේ ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවය.
කන්ජිපානි ඉම්රාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානම ගෝලයා බව කියන රත්මලානේ සයිමා ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනකු නිලධාරීන් විසින් මැලේසියා පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගන්නා ලදී.
මේ වනවිට රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනා මැලේසියා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර තවත් දින කීපයකින් පසු ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
මැලේසියා පොලිසිය සහ අන්තර්ජාතික පොලිසියේ ද සහාය ලබාගෙන රත්මලානේ සයිමා සහ තවත් පාතාල අපරාධකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වාලාලම්පූර් නගරයේ ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් සිටියදීය.
වසර 7කට ආසන්න කාලයක් තිස්සේ මැලේසියාවේ රැඳී සිට ඇති ‘සයිමා’ කාංචිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ බොහෝමයක් මෙහෙයවා ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ කන්ජිපානි ඉම්රාන් දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේවරයාට තර්ජනය කරන හඬපටවලට ප්‍රසිද්ධිය ලබාදී ඇත්තේ ද සයිමා බවට මේ වනවිට හෙළි වී තිබේ.
(මුලාශ්‍රය – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart