
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බයිසිකල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය මඩකලපුවේ තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් ඉල්ලා තිබේ.
මඩකලපුවේ සින්න උප්පෝඩයි හි පදිංචි 23 හැවිරිදි සිවනේෂරාෂා රිනෝෂන්ගේ පසුගිය දෙසැම්බර් 2 වැනිදා මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මන්ත්‍රීවරයාට අනුව, ඔහුගේ පවුලේ අය අවසන් වරට ඔහුව නිරුපද්‍රිතව දැක ඇත්තේ එදින සවස දුම්රිය ස්ථානයේදීය.
කෙසේවෙතත්, පසුදා අධිකරණයට ඉදිරිපත් කළ විට, ඔහුට පහරදීමේ සලකුණු පෙන්නුම් කළ බවට ඔවුහු චෝදනා කරති.
මන්ත්‍රී රාසමානික්කම් පවසන්නේ රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු දෙසැම්බර් 5 වැනිදා රිනෝෂන් බන්ධනාගාරයෙන් රෝහලට මාරු කළ පසුව මිය ගිය බවයි.
කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ යැයි කියන අසනීපයක් හේතුවෙන් මරණය සිදු වී ඇති බව පොලිසිය පවසා ඇති අතර, පවුලේ අය චෝදනා කරන්නේ පොලිස් කෲරත්වය හේතුවෙන් මරණය සිදු වූ බවටයි.
“මෙය මඩකලපුවේ එවැනි පළමු සිදුවීම නොවේ,” යනුවෙන් පවසමින් රාසමානික්කම් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියි.
“කෙනෙක් අත්අඩංගුවට ගත් විට, ඔවුන්ගේ ජීවිතය, ආරක්ෂාව සහ ගෞරවය සඳහා රජය වගකිව යුතුයි. කිසිදු චෝදනාවක්, විශේෂයෙන් බයිසිකල් සොරකම වැනි සුළු චෝදනාවකට අත්අඩංගුවට ගත් අයෙක් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීම සාධාරණීකරණය කරන්න බැහැ” රාසමානික්කම් තවදුරටත් පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව වහාම නිකුත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart