
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ජයග්රහණ අත්කර දෙමින් රටට කීර්තියක් අත්කර දුන් හෙල්ල විසිකිරීමේ ක්රීඩක රුමේෂ් තරංග වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබූ රුපියල් මිලියන 50ක දිරිගැන්වුම් මුදල ගෙවීම ප්රමාද වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පාර්ලිමේන්තුවේදී ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ ගෙන් ප්රශ්න කළේය.
අන්තර්ජාතික තරඟවලදී දැක්වූ දක්ෂතා හරහා මෙම ක්රීඩකයා ශ්රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් බව පැවසූ විපක්ෂ නායකවරයා, පොරොන්දු වූ මුල්ය ත්යාගය මෙතෙක් ලබා නොදුන්නේ ඇයිදැයි විමසා සිටියේය.
එමෙන්ම, අදාළ ක්රීඩකයාගේ නිවසට යන මාර්ගය සෑදීම සඳහා රුපියල් 800,000ක මුදලක් වෙන්කරන බවට මීට පෙර ප්රකාශ කර තිබුණද, එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද මෙතෙක් සිදුකර නොමැති බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
මීට අමතරව, ජයග්රහණ අත්කර ගන්නා ක්රීඩකයන්ට ගෙවනු ලබන මුදල් ප්රමාණය අඩු කිරීම සඳහා රජය විසින් අදාළ පාරිතෝෂික යෝජනා ක්රමය සංශෝධනය කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා පිළිබඳවද ඔහු මෙහිදී ප්රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ, පවතින රජයේ වක්රලේඛයක් මඟින් අදාළ ක්රීඩකයාට රුපියල් මිලියන 50ක මුදලක් හිමිවන බවට කෙරෙන ප්රකාශය ප්රතික්ෂේප කරන බවයි.
ක්රීඩා සභාවේ නිර්දේශයක් මත පදනම්ව මීට පෙර අනුමත කරන ලද පාරිතෝෂික ක්රමය යම් නිශ්චිත වර්ෂයක් සඳහා පමණක් අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ඇති බවත්, එය ඉදිරි වසර සඳහා වලංගු වන ස්ථිර වක්රලේඛයක් නොවන බවත් අමාත්යවරයා පැහැදිලි කළේය.
2024 සහ 2025 වසරවල ලබාගත් ජයග්රහණ සඳහා ගෙවීම් කිරීම වෙනුවෙන් අමාත්ය මණ්ඩල අනුමැතිය සහිතව නව වැඩපිළිවෙළක් රජය විසින් හඳුන්වා දී ඇති බව පැවසූ අමාත්යවරයා, 2026 වසරට අදාළ ගෙවීම් සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නව යෝජනාවක් ද සකස් කර ඇති බව වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව නොමඟ යවන බවට අමාත්යවරයා කළ චෝදනාවත් සමඟ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, විපක්ෂ නායකවරයා එම චෝදනාවට සිය තදබල විරෝධය පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart