
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 160,000කට පමණ පසුව ප්‍රථම වතාවට ඉදිරි දිනවලදී දීප්තිමත් වල්ගා තරුවක් ලොව පුරා ජනතාවට අහසේ දැකගැනීමට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය නිවේදනය කරයි.
එම ආයතනය පවසන පරිදි වල්ගා තරුවක අපේක්ෂිත දීප්තිය පුරෝකථනය කිරීම අපහසු වුවත් C/2024 G3 (Atlas) නමැති මෙම වල්ගා තරුව පියවි ඇසට පෙනෙන තරම් දීප්තිමත්ව පැවතිය හැකිය.
ඊයේ වනවිට එම වල්ගා තරුව සූර්යයාට ආසන්නතම ස්ථානය වන පරිහීලියන් හි පිහිටා ඇති අතර, එම පිහිටීම වල්ගාතරුව කෙතරම් දීප්තිමත් දැයි පුරෝකතනය කිරීම සඳහා බලපායි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට වල්ගා තරුව දැකගත හැකි බව විද්‍යාඥයෝ පවසති.
පියවි ඇසින් නිරීක්ෂණය කිරීම සඳහා නිශ්චිත ස්ථාන සඳහන් කර නොමැති නමුත්, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සිකුරු මෙන් දීප්තිමත් විය හැකි වල්ගා තරුව දක්ෂිණ අර්ධගෝලයේ සිට හොඳින් නිරීක්ෂණය කළ හැකිවනු ඇති බවයි.
ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්ව විද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පවසන පරිදි වල්ගා තරුව හඳුනාගැනීමේ අවස්ථා ඉදිරි දිනවලදී, දේශීය තත්ත්වයන් සහ වල්ගාතරුවේ හැසිරීම අනුව වෙනස් විය හැකියි.
අනෙක් සියලු වල්ගා තරු මෙන්ම, එහි දෘශ්‍යතාව සහ දීප්තිය අනපේක්ෂිත වියහැකි බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart