
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් රැප් ගායක මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැත්තා පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට යළිත් වරක් අත්අඩංගුවට ගෙන තිබේ.
කහතුඩුව පොලිසියට අනුව සැකකරු සන්තකයේ තිබී ජෙලග්නයිට් කූරු තුනක්, ඩෙටනේටර් පහක් සහ ඇමෝනියම් නයිට්රේට් කිලෝග්‍රෑම් 3.5ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම රැප් ගායකයා මීට පෙර අගෝස්තු 25 වැනි දින ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි.
සැකකරු ඔහු පදිංචි පිටිපන, ගලහේන ප්‍රදේශයේ නිවසක් පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වළදමා ඇති බව තොරතුරට අනුව අනාවරණය විය.
මීට මාස කිහිපයකට පෙර කොටවිල පොලිස් ස්ථානයෙන් ගිනි අවියක් කොල්ලකෑම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන සිටි පොලිස් කොස්තාපල්වරයකු තවත් රැප් ගායකයෙකු සමඟ පැමිණ එය සුරක්ෂිතව තබාගැනීමට පුපුරන ද්‍රව්‍ය භාරදුන් බව ප්‍රශ්න කිරීමේදී සැකකරු හෙළිකළ බව පොලිසිය පවසයි.
26 හැවිරිදි සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart