
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් සිදුකළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබිණි.
වාර්තා සඳහන් කළේ ඇය එම දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බවයි.
ඇය ඊයේ (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් සිදුකරනු ලැබූ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
ඇය ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
2023 සැප්තැම්බර් මස 13 වැනිදා සහ 2023 සැප්තැම්බර් 24 දක්වා කාලය තුළ සිදුකර ඇති විදේශ සංචාරයකට අදාළව එම විමර්ශනය සිදුවන බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart