
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළකිරීම සදහා පන්විල ප්රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබූ ජනහමුවකට පැමිණි පිරිසකට ලබාදීම සදහා සූදානම් කර තිබූ ආහාර මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන පන්විල පොලිසියට බාරදෙනු ලැබීය.
මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් එහි ගොස් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම ජනහමුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්රමසිංහට සහාය පළකිරීම සඳහා පැවැත් වී ඇති බවයි.
එම ජනහමුව සඳහා 150ක පමණ පිරිසක් රැස්ව සිටි බවද කියති.
ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම්වලට පැමිණෙන පිරිස්වලට ආහාර හා මත්පැන් ලබාදීම සපුරා තහනම් වන බැවින් එවැනි දේ සම්බන්ධ තොරතුරු වාර්තා වුවහොත් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙස මහනුවර මැතිවරණ කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart