
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ආර්ථිකයට ඉන්දීය සහයෝගයේ වැදගත්කම පෙන්වාදෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ඉන්දියාවේ සහාය ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව සංවර්ධනය නොවන බවයි.
කොළඹදී පැවැති උත්සවයක් අමතමින් මේ බව පැවසූ ඔහු, ඉන්දියාවේ සහයෝගය ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව සංවර්ධනය නොවන බවත් 2050 දී තවත් දුප්පත් වන බවටත් අනතුරු ඇඟවීය.
“ඉන්දියාව අපේ සමීපතම අසල්වැසියා. එය ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව හෝ චීනය නොවේ. එබැවින් ශ්‍රී ලංකාව කළ යුත්තේ මෙම සබඳතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. ශ්‍රී ලංකාව සිය කාර්යය ඉන්දියාව හරහා කළ යුතුයි. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 නොලැබුණා නම් අපේ රටට කුමක් වේද?” ආර්ථික අර්බුදය සිහිපත් කරමින් ඔහු ප්‍රශ්න කළේය.
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ ආයෝජන වැඩසටහන ශ්‍රී ලංකාවට තවත් ආයෝජන රැසක් ගෙන ආ බව ද රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වාදුන්නේය.
“ඉන්දියාව අපේ මිතුරා. ඔවුන් අපට ඕනෑම දෙයකට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා. එබැවින් අපගේ එකම විසඳුම මෙම සහයෝගයට ඇලී සිටීමයි. ආයෝජනය ප්‍රමුඛ කොට ගෙන ශ්‍රී ලංකාවට ඇති එකම මාර්ගය මෙයයි. අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කළහොත් අපි කිසි විටෙකත් දියුණු වෙන එකක් නැහැ,” ඔහු අනතුරු ඇඟවීය.
කුමන ආණ්ඩුව බලයේ සිටියත් මෙම මාවත භාවිත කරමින් ඉදිරියට යෑමට අවධානය යොමුකළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart