April 26, 2024

අනිවාර්යයෙන්ම තමන් ජනාධිපතිවරණයට තරග කරන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට පැවැසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.

‘මව්බිම’ පුවත්පත වාර්තා කර ඇති ආකාරයට මැයි මාසයේ මුල් දෙසතිය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව කැඳවා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන තීන්දුවක් ගෙන ඒ තීන්දුව ජනාධිපතිවරයාට දැනුම් දෙන බව බැසිල් රාජපක්‍ෂ පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ජනාධිපති නිල නිවෙසේදී වූ හදිසි හමුවකින් පසුවය.