
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් නැවතත් අධිකරණය සමග සටනකට සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ. ඊයේ පාර්ලිමේන්තුවට හදිසියේ පැමිණි ජනාධිපතිවරයා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට දොස් පවරමින්, එම තීන්දුව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනා කරන බව සඳහන් කළේය. එය පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අභියෝගයක් මිස වෙනෙකක් නොවීය. එහිදී ජනාධිපතිවරයා පළකරන ලද අදහසේ කොටසක් පහතින් දැක්වේ.
“ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති යම් වගන්තියක් ශ්‍රේෂ්ඨාධිකරණය නොසළකා හැර තිබෙනවා. එය කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දස දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබූ තීන්දුවක් ඇතුළු සියලු තීන්දු ඉවත දාලා. දණ්ඩ නීති සංග්‍රහයට කළ සංශෝධනයක් ද අධිකරණය නොසළකා හැර තිබෙනවා”
මෙහිදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හැසිරීම විස්තර කරන ලද්දේ Judicial Cannibalism යන වචන භාවිත කරමිනි. Cannibalism යන්න තනි වචනයක් ලෙස ගෙන පරිවර්තනය කිරීමේදී අර්ථ දැක්වෙන්නේ ‘මිනිසකු විසින් මිනිස් මස් අනුභව කිරීම’ ලෙසිනි. කෙසේවෙතත් Judicial Cannibalism යන්න ඒ අර්ථයෙන් පරිවර්තනය කළ නොහැකි නමුත්, ජනාධිපතිවරයා එමගින් අදහස් කරනු ලැබුවේ ඊට නොදෙවැනි ඔහුගේම සිතේ පවතින අර්ථයක් ලබාදීම සහ අධිකරණයේ තීරණය බරපතල විවේචනයකට ලක්කිරීමක් බව ඔහුගේ ප්‍රකාශනය දෙස බලාසිටින විට පැහැදිලිවම දැකගත හැකි විය. ඔහුගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස Judicial Cannibalism සිංහලෙන් අර්ථ දක්වනු ලැබුවේ ‘අධිකරණමය මිනිමරුවාදය” යනුවෙනි. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සාන්ද්‍රභාවය යම් තරමකට තනුක කිරීමට උත්සාහයක් යෙදුණු, මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන බව කියන අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පැවැසුවේ, Judicial Cannibalism යන්නෙන් ජනාධිපතිවරයා අදහස් කරන ලද්දේ, “අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයේ බලය බලහත්කාරයෙන් ඈඳාගැනීමට උත්සාහ කිරීමක් සිදුකර ඇත” යන්න බවයි.
කෙසේවෙතත් ජනාධිපති රනිල්ගේ මෙම ප්‍රකාශය විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂය පමණක් නොව සිවිල් සමාජය මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවද කැළඹීල්ලට ලක්කර ඇත. ඊයේ රාත්‍රියේම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදුන්නේ, ජනපතිගේ ප්‍රකාශය අධිකරණ පද්ධතියට එල්ල කරන ලද බරපතල තර්ජනයක් බවයි.
“මෙම පනත් කෙටුම්පත රටේ උත්තරීතර නීතියට අනුකූලද යන්න තක්සේරු කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටු කර ඇත. පුද්ගලයන්ට එකඟ වීමට හෝ එකඟ නොවීමට අයිතියක් ඇතත්, ව්‍යවස්ථාදායකය හෝ විධායකය ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම සම්බන්ධයෙන් අධිකරණය විවේචනය නොකළ යුතුය” යනුවෙන් සඳහන් කරන නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීම භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවයි.
මේ අතර, සෘජුවම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉලක්ක කර නොගත්තද, ජිනීවාහිදී නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ‘ගේම ඉල්ලන’ රටවල් කණ්ඩායමද ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා තිබේ. කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සමන්විත මෙම රටවල් කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිවාරයට එක්වෙමින් ඊයේ අවධාරණය කරන ලද්දේ රටේ නීති පිළිබඳ කටයුතු කරන ආයතනවල විනිවිදභාවයක් තිබිය යුතු බවයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නොසළකා හරිමින්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ඒවාට පරිභව කරමින් ගෙනයෑමට උත්සාහ කරන ප්‍රවනතාව භයානක එකක් බව නොකිවමනාය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරය දරනුයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනතාව ලබා දුන් වසර පහක ජනවරමේ කාලය අවසන් වනතුරු පමණකි. එසේම පාර්ලිමේන්තුවේ කාලයද වසර පහකි. පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහේ සිට හය දක්වා වැඩිකර ගැනීම සඳහා නීති කෙටුම්පතක පාර්ලිමේන්තුවට ගෙනඒමේ සූදානමක් පවතින බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. එවැන්නක් ගෙන ඒමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන වගන්ති හේතුවෙන් ඊට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියෝගයක් එල්ල වන්නට ඉඩ ඇතැයි යන තක්සේරුවක් ජනාධිපතිවරයාට තිබිය හැකිය. එවැනි සංශෝධනයකට පැහැදිලිවම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ ජනමතවිචාරණයක අවශ්‍යතාව මතුවේ. එමනිසා ජනාධිපතිවරයා මෙම ප්‍රවනතාව රැගෙන යන්නේ, අධිකරණ ක්‍රියාවලියකින් බැහැරව ජනමතවිචාරණයකට නොයා පාර්ලිමේන්තු බහුතරයකින් පමණක් කෙටුම්පත සම්මත කරගැනීම වෙනුවෙන් වන්නට පුළුවන. යම් හෙයකින් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන්නේ නම්, ඒ වෙනුවන් විවිධ වරප්‍රසාද ලබාදීම මේ වන විටත් සිදුවෙමින් පවතී. ඊයේ මල්වතු අස්ගිරි මහා නායකවරුන් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මත්පැන් බලපත්‍ර බෙදාදීමේ ක්‍රියාව වහාම නතර කරන ලෙසයි. එසේම තෝරාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද මේ වන විට සංවර්ධන කටයුතු වෙනුවන් යැයි පවසමින් මුදල් වෙන්කෙරෙමින් පවතී. ජනාධිපති කාර්යාලය යටතේ පවතින භාවිතයට නොගැනුණු අයවැය ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් පසුගිය සතියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදාහැරිම සඳහා වෙනත් විෂයක් යටතට වෙන්කෙරුණේ ඒ වෙනුවෙන් බවට චෝදනා එල්ල වී ඇත.
එමනිසා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සහ ජනාධිපතිවරයාගේ අධිකරණයට බැන අඬගැසීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව මේ පිළිබඳව විමසිලිමත්ව බලන විට දැකගත හැකිය. කෙසේවෙතත් ජනාධිපතිවරයා එලෙස අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම්, එම ක්‍රියාවන් වළකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටය. එසේ නොමැතිව වසරකින් මන්ත්‍රී හෝ ඇමැති ධූර කාලය වැඩිකර ගනිමින්, ලැබෙන වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ජනතා පරමාධිපත්‍යය පාවාදීමට කිසිදු වරමක් පාර්ලිමේන්තු සභිකයන් 225දෙනාට ඇත්තේ නැත. යළිත් සිහිපත් කළ යුත්තේ ඊයේ ජනාධිපතිවරයා ඉඟිකළ භයානක ඇඟවුම පරාජය කළ හැක්කේ වත්මන් පාර්ලිමෙන්තුවටම මිස පිටත සිටින හුදී ජනතාවට නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart