
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිවන එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා පත්කර ඇත.
මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන රාජකාරිය වන්නේ, ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බව වාර්තා සඳහන් කරයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
කීර්තිමත් ජනාධිපති නීතිඥවරයකු වන රොනල්ඩ් සී. පෙරේරා මෙරට විශාලතම සහ ප්‍රබලතම රක්‍ෂණ ආයතනයවන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධූරයන් හොබවනු ලැබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, සිරිකොත විධායක අධ්‍යක්ෂ ශාමල් සෙනරත් සහ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් යන පිරිසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart