
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර 120 ට වඩා වැඩි වේගයකින් රිය පදවන රියදුරන්ට GovPay යෙදුම හරහා දඩ මුදල් ගෙවීමට හැකිවුව ද ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති රංගේ ඉන්දික හපුගොඩ පවසයි.
රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අධිවේගී මාර්ගවල වාහන ධාවනය කළ හැකි උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100ක් වන බැවින් එය උල්ලංඝනය කිරීමේදී ගෙවීමට සිදුවන සංශෝධිත දඩ ගාස්තු ඇතුළත් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
සංශෝධිත දඩ ගාස්තු අනුව අධිවේගී මාර්ගවල අධික වේගයෙන් රිය පැදවීමේදී පැයට කිලෝමීටර් 100ත් 120ත් අතර වේගයකින් රිය ධාවනය කරන රියදුරන්ට පනවා ඇති දඩ මුදල රුපියල් 3,000 ක් වන අතර, පැයට කිලෝමීටර 120 ත් 130 ත් අතර වේගයෙන් ධාවනය කරන්නන්ට රු. 5,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
පැයට කිලෝමීටර 130 ත් 140 ත් අතර වේගයෙන් වාහනය ධාවනය කළ හොත් දඩය රුපියල් 10,000 ක් වන අතර පැයට කිලෝමීටර 140 ත් 150 අතර වේගයයෙන් ධාවනය කළ හොත් දඩ ගාස්තුව 15,000 ක් වේ.
වාහනයක් පැයට කිලෝමීටර් 150 ඉක්මවන වේගයකින් ධාවනය කරන්නේ නම්, අධිකරණය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
ස්ථානීය දඩ ක්‍රමය තිබියදීත්, පැයට කිලෝමීටර් 120 ඉක්මවන අය සඳහා ද දැන් අධිකරණ නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති හපුගොඩ පැහැදිලි කළේය.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ රථවාහන සම්බන්ධ දඩ මුදල් වශයෙන් රජය ඉපැයූ ආදායම රුපියල් බිලියන 5.7 ක් වන 2024 දී එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 4.7 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart