
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 17 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමෙන් පසු ඔහු විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයේදී තමා සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම කොළඹ නොමැති බව පවසමින් රනිල් රනිල් වික්‍රමසිංහ කොමිසමට පැමිණීමට නව දිනයක් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ විගස තමාට කැඳවමින් අල්ලස් කොමිසම ක්‍රියා කළ ‘ලෝක වාර්තාගත වේගය’ පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ සිය ප්‍රකාශයේ අවධානය යොමුකර ඇත.
අදාළ ප්‍රකාශය මුලින්ම අප්‍රේල් 10 වැනි දින සවස 6ට කළ බවත්, එය සිදුකර පැය 18 කටත් අඩු කාලයකදී තමාට කැඳවීමේ ලිපිය ලැබුණු බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.
කොමිසම “මීට පෙර කිසි දිනෙක මේ ආකාරයෙන් ක්‍රියා කර නැත” යනුවෙන්ද හෙතෙම කියාසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart