
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇතැයි, ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් කවත්‍රා ප්‍රකාශ කරයි.
විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කරන ලද්දේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර, පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් අද(21) කරුණු පැහැදිලි කෙරුණු ජනමාධ්‍ය හමුවකදීය.
විදේශ ලේකම්වරයා එහිදී මෙසේ සඳහන් කළේය.
“සම්බන්ධතා ව්‍යාපෘතීන් පිළිබඳව කතා කිරීමේ දී මට සඳහන් කිරීමට අමතක වූ සහ මා මාගේ අදහස් දැක්වීම අවසන් කිරීමට පෙර ප්‍රකාශ කළ යුතු තවත් කරුණක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවට අදාළ වෙනවා. මෙම අදහස යෝජනා කළේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා යි. නායකයන් දෙපළම මෙය ඉදිරියට ගෙන යාමට එකඟ වුණා. අග්‍රාමාත්‍යතුමාගේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔබට ඇහෙන්නට ඇති මෙය ඉදිරියට ගෙන යාමේ දී, දෙරට අතර භූමි සම්බන්ධතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් හරහා දෙපාර්ශවය එය සිදු කරනු ඇති බව. ඇත්ත වශයෙන්ම මෙය අප සමාජයන් දෙකටම ආර්ථික සෞභාග්‍යය ළඟා කර ගැනීමට සහ දෙරට සමඟ කලාපීය ඒකාබද්ධතාවයට මෙන්ම ද්විපාර්ශවික සහ අප කලාපයේ කලාපීය ආර්ථික සෞභාග්‍යයට මහත් පිටිවහලක් වෙනවා”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart