
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නායකයන් සමඟ, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ මූලස්ථානය වන මාල්බරෝ හවුස්හිදී ඊයේ(05) බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හමුවිය.
රජු සමඟ ඔවුන්ගේ රැස්වීමෙන් පසුව, පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් 56 හි නායකයෝ, මෙම වසර පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ වසර ලෙස නම් කර ඇති බැවින්, තරුණයන් සවිබල ගැන්වීමට සහාය දැක්වීමේ මුලපිරීම් ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහා පෞද්ගලික හමුවීම්වලට එක්වූහ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ සාරධර්ම, මිනිසුන් සහ රටවල් සඳහා තම නොසැලෙන සහයෝගය මෙහිදී ප්‍රකාශ කර ඇති චාල්ස් රජු, පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ‘මුල් ගලක්’ ලෙස විස්තර කර තිබේ.
2018 වසරේ පැවති ඔවුන්ගේ රාජ්‍ය නායක රැස්වීමේදී, පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්, දෙවන එලිසබෙත් මහ රැජිනගෙන් පසුව එවකට චාල්ස් කුමරු, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස තෝරාගැනීමට තීරණය කළ අතර, 2022 සැප්තැම්බර් මාසයේදී ඇයගේ මරණයෙන් පසු ඔහු එම භූමිකාවට එකඟ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart