
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වැලැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපරිම උත්සාහයක යෙදී සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් Colombo gazette වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා වික්‍රමසිංහ බලාපොරොත්තු වේ.
මීළඟ පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් දැඩි අධිෂ්ඨානයකින් පසුවේ.
කෙසේ වෙතත්, ඔහුගේ දුර්වල වාර්තා හේතුවෙන් තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා අකමැති බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නායකත්වයේ සමීපතමයකු ලෙස ප්රකටය.
2022 දී ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට ඔහු අපොහොසත් වීම සම්බන්ධයෙන් ද තෙන්නකෝන්ට චෝදනා එල්ලවී තිබිණි.
සාමකාමී විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරය එල්ල වන විට ගාලු මුවදොර සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ය.
සී. ඩී. වික්‍රමරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනටමත් සේවා දිගු කිහිපයක් ලබා දී ඇත.
වත්මන් පොලිස්පතිවරයා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 දින ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart