
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන කතා කිරීමට දැන් ප්‍රමාද වැඩි බව පවසමින්, වාර්තාව මත පදනම්ව රජය නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවැසීය.
පොරොන්දු වූ පරිදි රජය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ බවත්, අප්‍රේල් 10 සහ මැයි මාසවල දින දෙකක විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
“මේ කාරණය සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. අපි වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමුකරනවා,” ඔහු පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග කණ්ඩායම විවාදයට එරෙහිව තර්ක කළ බවත්, ආණ්ඩුව විවාදය සඳහා දිනයක් වෙන්කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“රටේ ප්රජාතන්ත්රවාදය සහ යුක්තිය සඳහා අපි විවාදය පවත්වනවා. ජනතාව සත්‍යය දැනගත යුතුයි,” ඔහු පැවැසීය.
බටලන්ද සිද්ධිය පිළිබඳව A සිට Z දක්වා දන්නා පුද්ගලයා හිටපු ජනාධිපති වික්‍රමසිංහ බවත්, මෑතකදී අල් ජසීරා නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එය මතුකරන තුරු ඔහු ඒ ගැන කතා නොකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“අද නෙවෙයි. රනිල්ට පහුගිය අවුරුදු 35 පුරාම ඒ ගැන කතා කරන්න තිබුණා. අල් ජසීරා ඒ ගැන කතා කරනකම් ඔහු කිසිවක් කිව්වේ නැහැ. රනිල් දැන් ප්‍රමාද වැඩියි,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart