November 18, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන් දිනය අදට (18) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් අමතා සිය උපන් දින සුබ පැතුම් එක් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ විසින් මහින්ද රාජපක්ෂට පෞද්ගලිකවම අමතා මෙම උපන් දින සුබපැතුම් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ 1945 නොවැම්බර් 18 වැනි දින උපත ලැබූ අතර, අද දින සිය 81 වැනි උපන් දිනය සමරයි.

මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, පසුව අග්‍රාමාත්‍ය ධුරයද හෙබවීය.