
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනා අතර සතිපතා සිදුවන විශේෂ හමුවීම් සඳහා තවත් දේශපාලනඥයන් පැමිණීම හේතුවෙන් එම ද්විපාර්ශ්වික සාකච්ඡා බිඳවැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසන බව ‘දිවයින’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, පසුගිය සතියේ පැවැති එවැනි හමුවක් සඳහා ජනාධිපතිවරයා ඔහුට හිතවත් පොදුජන පෙරමුණේ ප්රබලයකු වන ඇමැති ප්රසන්න රණතුංග ඇතුළු පිරිසක් මෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර මෙන්ම වජිර අබේවර්ධන ඇතුළු තවත් පිරිසක් ද සහභාගි කරවා ඇත.
බැසිල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් ද අප්රසාදය පළකර ඇති අතර එහිදී, බැසිල් රාජපක්ෂ සහ ඇමැති ප්රසන්න රණතුංග අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇතැයි වාර්තා වේ.
සාකච්ඡාව අතරතුරේදී, ඉදිරි ජනාධිපතිවරණය සඳහා පුළුල් සන්ධානයක් සෑදීමටත් ඊට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි කර ගත්ත ද රාජපක්ෂවරුන් එක්කර නොගත යුතු බවට වන ඉල්ලීමක්, ජනපති සමග එක්වීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්රසන්න රණතුංග ප්රකාශ කර තිබේ.
එම ප්රකාශයට බැසිල් රාජපක්ෂ කෝප වී ඇති අතර රාජපක්ෂවරුන් මේ ආකාරයට පාලනයට කිරීමට තමන් ඉඩ නොදෙන බවත් පවසා, “ඔහේට අපිව එක් පාරක් එපානං, අපිට ඔහේව සිය වතාවක් එපා” යැයි ද පවසා තිබේ.
මෙවැනි කතාවලින් සිදුවන්නේ ජනාධිපතිවරයා සමග ඇති කර ගත් හොඳ හිත පළුදුවීමක් බව ද බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉදිරි සාකච්ඡා වටයක් සඳහා එකඟතාවකින් පෙර සකච්ඡා අවසන් වුවද, මෙම සාකච්ඡාව මීළඟ දිනයක් පිළිබඳව එකඟතාවකින් තොරව අවසන්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart