
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාතික ගුවන් තොටුපල විවේකාගාරයේදී බටහිර බෙංගාල ප්‍රධාන ඇමැති මමතා බැනර්ජි සමග සුහද කතාබහක නිරතවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්වී ඇත.
නිල සංචාරයක් සඳහා කියුබාව සහ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යමින් සිටියදී ජනාධිපතිවරයා බටහිර බෙංගාල ප්‍රධාන ඇමැතිවරිය හමුවී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් තොටුපළ විවේකාගාරයේදී ඇය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, කොල්කටාහි පැවැත්වෙන බෙංගාල ගෝලීය ව්‍යාපාරික සමුළුව 2023 සඳහා සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කළ බවත්, ප්‍රධාන ඇමැතිවරිය ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයිද ඇය සඳහන් කර තිබේ.
මේ අතර, මහ ඇමැතිවරිය ස්පාඤ්ඤයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින 12ක සංචාරයක් සඳහා අඟහරුවාදා (12) පිටත්ව ගිය බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart