
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර සොරකම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වුණු නිලධාරීන් අතුරින් එක් අයෙක් සිය නිවෙසේදී අභිරහස් ලෙස මියගොස් ඇති බව ඊයේ වාර්තා විය.
මෙම මරණය මෙන්ම රංග නිශාන්ත නැමැති නිලධාරියා ගැනද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු ප්‍රචාරය වෙයි.
පහතින් දැක්වෙන්නේ ඔහුගේ හිතවතකු සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකි.
‘රංග නිශාන්ත ගැන සටහනක් නොතියා ඉන්න අමාරුයි.
වැලියුවේශන් ඩිපාන්ට්මන්ට් එකේ රංග කියනවට වඩා අපි රංගව හඳුනන්නෙ ලපයා කියන නමින්. “ලපයා” රංගගේ කාඩ් එක.
ගම කුලියාපිටිය. නිවාඩු කාලෙට පාඩම් කරනවට වඩා ගමට ගිහින් කුඹුරු කොටන්න එහෙම නැත්තං ගොයං කපන්න උගේ හිත තිබුනෙ.
රංගට තිබුනෙ රට හදන උණක්. ඒ නිසාමයි ශිෂ්‍ය සංගමේට බැඳිලා දවල් රෑ නැතිව මිනිහා වැඩ කරේ. වැඩ කරාට රංගගෙ කතාව හරි අඩුයි.. හරිම අඩුයි… බැරිම තැනකදි විතරයි ඌ කතා කරන්නෙ.
“මේක වෙනස් කරන්න පුළුවන් බං.. මේක හදන්න බැරිකමක් නෑ”. ඌ ඉඳහිට හිනාවෙලා කියපු කතාවක් ඒ.
සැහැල්ලුවෙන්.. හිනාවෙලා කීවත් ඌ හැමදාම විශ්වාස කරා මේ රට හදන්න පුළුවන් කියලා.
පිකට් එකක්.. ස්ට්‍රයික් එකක් තිබ්බොත් ලපයා හැම තිස්සෙම එතන. පෝස්ටර් මිටියක් කිහිල්ලෙ ගහගත්ත සංජීව.. ඒ කීවෙ ඩයිනා එක්ක ලපයා නිතරම දකින්න හිටියා කැලේ කඩේ පැත්තෙ.
කැම්පස් එකේ බරටම ශිෂ්‍ය සංගම් වැඩකරපු කෙනෙක්ගෙන් එකෙක් ලපයා.
ඒ අස්සෙ චාර්ටඩ් කරන්න ලොකු උවමනාවකුත් අපේ මිත්‍රයාට තිබුනා.ලපයා හිත හොඳ එකා.. ජපුරෙ 96/97 බැච් එකේ හැමෝම කීවෙ ඒ වගේ. කවදාවත් සත පහක් හොරකම් නොකරපු .. වංචාවක් නොකරපු මනුස්සයෙක් රංග කියන්නෙ.
තරඟ විභාගයක් සමත්වෙලා මහ බැංකුවට හරි.. භාන්ඩාගාරෙ රස්සාවකට හරි ගියා කියලා පහු කාලෙක අහන්න ලැබුනා.
ඇයි හදිසියේම රංග ගැන ලියන්න හිතුවේ.?
රංග යන්න ගිහිල්ලා.
සමහර අම්මලා තාත්තලා ජීවත්වෙනවා දරුවො වෙනුවෙන්. තවත් කෙනෙක් ජීවත්වෙන්නෙ ආදරය වෙනුවෙන්.
අවුරුදු ගාණක් මහන්සිවෙලා පොඩි ව්‍යාපාරයක් පටන්ගත් මනුස්සයා ජීවත්වෙන්නෙ තමන්ගෙ මුළු ජීවිතයම ව්‍යාපාරය කියලා හිතාගෙන.
තවත් කෙනෙක් තමන්ගෙ ප්‍රථිරූපය වෙනුවෙන්.. තමන් අමාරුවෙන් ගොඩනගාගත් නම වෙනුවෙන් ජීවත්වෙනවා.
රංග වගේ මිනිස්සු ජීවත්වෙන්නෙ අරමුණක් වෙනුවෙන්. රංග අවංක මනුස්සයෙක්… හොරකමක් වංචාවක් නැති මනුස්සයෙක්. ඒක දන්නෙ රංගව ලඟින් ආශ්‍රය කරපු.. එකට රාජකාරි කරපු.. එකට ඉගෙනගත්ත මිනිස්සු.
නමුත් රටේ ජනතාව.. දේශපාලන පක්ශ… මාධ්‍යය.. විවිධ සංගම් දන්නෙ නෑ රංග නිශාන්ත කියන්නෙ කවුද කියලා.
පහුගිය දවසක මහා භාන්ඩාගාරයේ සිදුවුනා කියන මූල්‍ය වංචාව හෙවත් ස්කෑම් එක නිසා වැඩ තහණම් වෙනවා රංග නිශාන්තගෙ. මා දන්නා තරමින් ඒ ගැන මුල්ම හෙලිදරව්ව කරන්නෙත් රංග විසින්.
මුළු ජීවිත කාලයම එක අරමුණක් වෙනුවෙන් වැඩ කරලා ඒ අරමුණ නිසාම තමන්ගෙ රස්සාවත්… ගොඩ නගාගත් නමත් අහිමි වුනාම කොහොමද කෙනෙක්ට දැනෙන්නෙ.?
කොහොමද ඒ මනුස්සයා ලෝකයට.. සමාජයට මුහුණෙ දෙන්නෙ.?
සමාජය.. ඒ කීවෙ අපි බොහෝම ඉක්මණින් විනිශ්චයන් දෙනවා.
අන්න හොරෙක්.. ඌ තමයි අර ස්කෑම් එකට වග කියන්න ඕනෙ.. අළුත් ආණ්ඩුවෙන් පත් කරපු තවත් හොරෙක්.
ඒක මහා බර පීඩනයක්.
ඒ පීඩනය පිටත ඉඳන් බලාගෙන ඉන්න අපිට දැනෙන්නෙ නෑ.
ඒ දුක අපිට පේන්නෙ නෑ.. එක්කො අපි දකින්නෙ නැතුව ඉන්න කැමතියි.
සමාජ මාධ්‍යයේ තමන්ට අපහාස කරලා ලියපු පෝස්ට් එකක් .. කමෙන්ට් එකක් ගැන හිතන්න.
කොයි තරම් හිත රිදෙනවද? කෙනෙක් නිකරුනේ හොරා කීවාම.. වංචාකාරයා කීවම කොයි තරම් හිතට අමාරුයිද?
ඒ වගේ ,මුළු රටක්ම… සමාජයක්ම එක පාර ඇඟිල්ල දිග් කරනකොට ඒක දරාගන්න අමාරුයි. විශේෂයෙන්ම ඇත්ත විදිහට බොරු මවා කියන මාධ්‍ය ඉදිරියේ ජීවත්වීම ලේසි පහසු නෑ.
ඇත්ත.. , මහා භාන්ඩාගරෙ හරහා රටට අහිමිවුනේ ජනතාවගෙ මුදල්.
ජනතාවට අයිතියක් තියෙනවා ඒ ගැන අහන්න .. චෝදනා කරන්න. ඒත් කිසිවක් නොදැන තීන්දු තීරණ දෙන්න අපි කවුද?
බලධාරීන්ට තිබුනෙ නැතිද එකපාරටම සේවය තහණම් නොකර පරීක්ශණයක් කරන තෙක් හෝ ඉල්ලා අස්වෙන්න කියන්න. දේශපාලනය දරුණු යුධ පිටියක් වුනත් ඒ වගේ තීන්දු තීරණ පසුව හෝ සාධාරණීකරණය කරන්න පුළුවන්.
ඒත් ඒ ගැන දැන් කතා කරලා මොකටද?
අපි ජීවත්වෙන්නෙ මස් රාත්තලම ඉල්ලන ශයිලොක් සමාජයක.
මැරුණට පස්සෙ හැමෝම හොඳ කියනවා.. හොඳ ලියනවා.
ඒත් මේ එහෙම කතාවක් නෙවෙයි.. අපිත් එක්ක හිටපු අපේ මිනිහෙක් ගැන ඇත්තටම දැණුනු හැඟීමක්.
සමහරවිට රංග වගේ මිනිස්සු මේ සමාජයට අවංක වැඩී. ඒ නිසා වෙන්න ඇති තමන්ගෙ ජීවිතය තමන් විසින්ම අරන් යන්න රංග තීරණය කරන්න ඇත්තෙ.
උඹ හිත හොඳ එකා.. හොර බොරුවක් නැති එකා. එහෙම කියන්නෙ අපි උඹව දන්න නිසා. දවසක ආයෙත් තෙල් බැම්ම පැත්තෙ ආවොත් හමුවෙමු.
කවුරු දන්නවද!!
සුභ ගමන් මිත්‍රයා….🩶’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart