
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවර්ධන සමිති මාර්ගයෙන් හෝ වෙනයම් මාර්ගවලින් පාසල් තුළ දරුවන්ගෙන් මුදල් එක්රැස් කිරීම් පිළිබඳ සොයා බලා ඒ සඳහා පවතින චක්රලේක සහ ඊට අදාළ කටයුතු විධිමත් භාවයෙන් සිදු කිරීමේ ක්රමවේදයක් සැකසිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ පාසල් ක්රියාකාරීව පවත්වා ගැනීම සඳහා විශාල අරගලයක නිරත වන විදුහල්පතිවරුන් සිටින බවයි.
එම අරගලය තුළ දරුවන්ගෙන් මුදල් එක්රැස් කිරීම් පිළිබඳ අල්ලස් කොමිසමට ද වාර්තා වී ඇතැයි පවසන එහි අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙන්නේ, එලෙස මුදල් එක්රැස් කිරීම් ද ඇතැමුන් අල්ලස් ලෙස දැකිය හැකි බවයි.
එබැවින් ඒ සඳහා විධිමත් චක්රලේකයක් නිකුත් කළහොත් පාසල් තුළ සිදුකරන මුදල් එක්රැස් කිරීම් සම්බන්ධයෙන් සොයාබලා පියවර ගැනීමට පහසු වනු ඇතැයි ද ඔහු පවසයි.
එමෙන්ම ළමුන් පාසල්වලට ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරුන් මුදල් ලබාගන්නා බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළකරන රංග දිසානායක පවසන්නේ, දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මව්පියන් මුහුණපාන මානුෂීය ගැටලු විසඳීම සඳහා ද විධිමත් ක්රියාපටිපාටියක් සැකසිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart