
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, සිය ශ්‍රී ලංකා සංචාරය හදිසියේ අවලංගු කර ඇත.
“නොවැළැක්විය හැකි හේතු නිසා, ආරක්ෂ අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය පසු දිනකට කල් දමා ඇත. ශ්‍රී රාජ්නාත් සිං ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා කැපවී සිටී. හැකි ඉක්මනින්ම දිවයිනේ සංචාරය කිරීමට ඔහු බලාපොරොත්තු වේ.” ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (සැප්තැම්බර් 02) මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.
මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා සිකුරාදා (සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, ‘INS Delhi’ නෞකාව නැරඹීම සඳහා පාසල් ළමුන් හට අවස්ථාව ලබාදීමටත්, නෞකාව තුල පුහුණු හුවමාරු වැඩසටහනක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart