May 3, 2026

2022 දී සමාව ලැබීමෙන් පසු නිදහස් කරන ලද, රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ඒ.ජී. පෙරරිවාලන් දැන් තමිල්නාඩු සහ පුදුචෙරි නීතිඥ සංගමයේ නීතිඥයකු ලෙස ලියාපදිංචි වී ඇත.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, 54 හැවිරිදි පෙරරිවාලන් අප්‍රේල් 2 වැනි දින නීතිඥයකු ලෙස ලියාපදිංචි වී ඇත.

ඔහු සිරකරුවන් සඳහා නීති ආධාර ලබාදීම කෙරෙහි අවධානය යොමුකරමින් මදුරාසි මහාධිකරණයේ නීතිඥයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

1991 මැයි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමේදී භාවිත කරන ලද පුපුරණ ද්‍රව්‍යය සඳහා වෝල්ට් 9 ක බැටරියක් සැපයීම සම්බන්ධයෙන් 1991 දී ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

බැටරි ලබාගැනීමට තමාගෙන් ඉල්ලා සිටි අරමුණ තමා නොදැන සිටි බවත්, තමා වැරදි ලෙස වරදකරු කර ඇති බවත් ඔහු නඩුවේ මුළු කාලය පුරාම කියාසිටියේය.