
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගනිමින් සිටින බව ඉන්දීය මධ්‍යම රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම ශ්‍රී ලාංකික වැරදිකරුවන් පිටුවහල් කරන තෙක් තමිල්නාඩුවේ ට්‍රිචි හි විදේශිකයන්ගේ රැඳවුම් කඳවුරේ රඳවා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාට ගමන් ලියකියවිලි නිකුත් කරන ලෙස විදේශ කටයුතු ඇමැතිවරයාට දන්වා ඇති බව මධ්‍යම රජය මදුරාසි මහාධිකරණයට දන්වා තිබේ.
පසුගිය නොවැම්බරයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද මෙම නඩුවේ වරදකරුවන් 06 දෙනාගෙන් 04 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ වෙති.
මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා වන්නේ, සැන්ටන්, ශ්‍රීහරන් නොහොත් මුරුගන්, ජයකුමාර් සහ රොබර් පයාස් ය.
මොවුන් සියලුදෙනාම මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණ ඇති අතර, ඔවුන් සතුව වලංගු ශ්‍රී ලංකා ගමන් ලියකියවිලි, විදේශ ගමන් බලපත්‍ර නොමැති බව චෙන්නායි හි විදේශිකයන්ගේ ප්‍රාදේශීය ලියාපදිංචි කිරීමේ කාර්යාලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart