August 29, 2025

හිටපු ඇමැති රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළාය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු රාජිත සේනාරත්නව රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය.

අධිකරණය මගහරිමින් සිටි රාජිත සේනාරත්න අද උදෑසන අධිකරණය හමුවේ පෙනීසිටියේය.