
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජිනි කාන්ත්ගේ නවතම චිත්‍රපටය වන ජේලර් (Jailer) හි නිෂ්පාදකයන් වන Sun Pictures සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් කණ්ඩායමක් වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (Royal Challengers Bangalore) අතර පැවැති නීතිමය ගැටළුවක් අවසන් වී තිබේ.
චිත්‍රපටයේ කොන්ත්‍රාත් මිනීමරුවෙක්ගේ චරිතයක් RCB ජර්සියක් පැළඳ සිටින දර්ශනයක් සම්බන්ධයෙන් මෙම නීතිමය ගැටළුව ඇති වී ඇත.
එම දර්ශනය වෙනස් කිරීමට ජේලර් නිෂ්පාදකයන් එකඟ වී ඇති බව බාර් වාර්තා සඳහන් කර තිබේ
එමෙන්ම එම කොන්ත්‍රාත් මිනීමරුවා කාන්තා චරිතයක් සම්බන්ධයෙන් අවමන් සහගත සහ ලිංගික ප්‍රකාශ සිදු කර ඇත.
RCB හි නීතීඥවරයා දිල්ලි මහාධිකරණයේදී සඳහන් කර ඇත්තේ, එහි ජර්සි භාවිතය අවසරයකින් තොරව ලබාගෙන ඇති බවත්, සන්නාමයේ කොටස් සහ එහි අනුග්‍රාහකයන්ගේ අයිතිවාසිකම්වලට එය අහිතකර ලෙස බලපානු ඇති බවත්ය.
දෙපාර්ශ්වයේම නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ, අධිකරණයෙන් පිටත මෙම ගැටලුව විසඳා ගැනීමට සහ එම දර්ශනය වෙනස් කිරීමට එකඟ වූ බවය.
සැප්තැම්බර් 1 වැනිදා වනවිට චිත්‍රපට පිටපතේ එම වෙනස සිදු කරන බවට සන් පික්චර්ස් අධිකරණයට සහතික වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart