
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජපක්ෂ පාලනය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය වසර 99 කට බදු දී ඇත්තේ රුපියල් මිලියන 10,000 කට බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ රාජපක්ෂ පවුලේ හිතවතුන් තවත් අනුමත සේවා ස්ථාන කිහිපයක් ඉදිකිරීමට බාධා කර ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී බාධා කිහිපයක් ඇති වූ අතර ශක්‍යතා අධ්‍යයනයන්ට එරෙහිව කිහිපයක් ක්‍රියාත්මක වී තිබෙන බවත්, ඒ ඔස්සේ මෙම ව්‍යාපෘතිය හරහා රජයේ මුදල් බිලියන ගණනක් නාස්ති වී ඇති බවත් ඔහු පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් සැලැස්මට අයත් නොවන පිවිසුම් ස්ථාන සහිත අන්තර් හුවමාරු දෙකක් ඉදිකිරීම එවැනි එක් ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
“එකක් මාතර ගොඩගම සිට කිලෝමීටර් 05 ක් දුරින් පිහිටි කපුදූවයි. එමගින් කොළඹට පැමිණීමට සහ ආපසු යාමට පමණක් පහසුකම් සැලසෙනවා. තවත් එකක් බෙලිඅත්තේ සිට කිලෝමීටර් 06 ක් දුරින් පිහිටි බැදිගම” යනුවෙන් ඔහු පැවසීය.
ඉන් එක් හුවමාරුවක් ඉදිකිරීමට රුපියල් මිලියන 10ක් වැයකර ඇති බව ද ඔහු අනාවරණ කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ අජිත් පී. පෙරේරා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart