
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ තමාට පහර දුන් බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ කළ පොලිස් පැමිණිල්ල ඊයේ (01දා) ඉල්ලා අස්කරගෙන ඇති බව ‘මව්බිම’ වාර්තා කරයි.
මෙම සිදුවීමෙන් පසුව සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා ලිඛිතවද, ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලිසියට ගොස්ද මෙම පැමිණිලි කර තිබිණි.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තිදෙනකුගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තේය.
මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ සිද්ධිය සිදු වු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රිවරුන්ගෙනි.
මේ අතර පහරදී තමන්ට තුවාල සිදුකළ බවට ජනමාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මස 14 වැනිදා පැවැසීය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීම සඳහා එම වේදිකාවට ගොඩවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart