
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ සිට බදු බර ඉහළ යැවීම නිසා මධ්‍යම පාන්තික මෙන්ම සියලු ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වීම වැළැක්විය නොහැකි බවත්, හතරදෙනකුගෙන් යුත් පවුලකට වක්‍ර බදු බර රුපියල් හතළිස් දහස දක්වා මාසිකව ඉහළ යන බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ‘මව්රට පුවත්පත’ ට පවසා ඇත.
2024දී රජයේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,820ක් බවත්, ඒ තුළ වක්‍ර බදු මගින් රුපියල් බිලියන 2,740ක් අපේක්ෂා කරන බවත්, ඇති බව මහාචාර්යවරයා සඳහන් කර ඇත.
මේ අනුව සාමාන්‍යයෙන් හතරදෙනකුගෙන් යුත් පවුලකට රුපියල් හතළිස් දහසකට ආසන්න මාසික වක්‍ර බදු ගෙවීමක් අපේක්ෂා කරන බව සඳහන්ය.
2023දී රජයේ වක්‍ර බදු අපේක්ෂිත මට්ටම වූයේ රුපියල් බිලියන 1,733කි. ඒ අනුව සාමාන්‍යයෙන් හතරදෙනකුගෙන් යුත් පවුලකට ගෙවීමට සිදුවන වක්‍ර බදු ප්‍රමාණය වූයේ රුපියල් 25,320කි.
මේ අනුව 2023ට සාපේක්ෂව 2024 වසරේ සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලකට මාසිකව ගෙවීමට සිදුවන වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 14,700ක් දක්වා සැළකිව යුතු ඉහළ යෑමක් අපේක්ෂා කරනු ලබයි.
රජය රුපියල් දස දහසක මාසික දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබාදීමට අපේක්ෂා කරනු ලැබුවත් එයට වඩා වැඩි මුදලක් පුද්ගලයන්ගෙන් වක්‍ර බදු ලෙස අයකර ගැනීමක් මේ තුළ සිදුවිය හැකි බව මහාචාර්යවරයා පවසයි.
මේ අනුව ඉදිරි වසර තුළදී රටේ අන්ත දුගී පවුල් පවා විශාල වක්‍ර බදු ප්‍රමාණයකට යටත්වන බව පෙන්නුම් කෙරේ.
මේ වන විටත් දැඩි ආර්ථික පීඩාවකින් ජීවත් වන සාමාන්‍ය ජනතාව මෙන්ම කුඩා ළමුන් වැඩිහිටියන් ආදී සියලු දෙනාම අනිවාර්යයෙන් මිලදී ගන්නා භාණ්ඩ සහ සේවාවල මිල ලබන වසරේ සැළකිව යුතු ලෙස ඉහළ යෑමකට ලක්වන බව ඔහු පෙන්වා දේ.
මෙම තත්ත්වය තුළ රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික පවුල්වල ජන ජීවිතය කඩාවැටීමකට ලක්වීමටත් අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අංශ විශාල ලෙස පිරිහීමට ලක්වීමටත්, ග්‍රාමීය කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, සත්ව නිෂ්පාදන ඇතුළු ආර්ථිකයේ සියලු අංශවල කඩාවැටීමක් ලක්විය හැකි බවද මහාචාර්ය අතුකෝරල වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart